අවසන් සටනෙන් ඉන්දියාව පැරද වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් රන් පදක්කම දිනා ගනියි
Match Report

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ, මෙරට වේලාවෙන් අද (8) අලුයම නිමා වූ අවසන් මහා තරගයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 9කින් පරාජයට පත් කරමින්.
කාසියේ වාසිය දිනා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8 ක් දැවී ලකුණු 161 ක් ලබා ගත්තා.
බෙත් මූනි පන්දු 41 කින් ලකුණු 61 ක් ලබා ගත් අතර, නායිකා මැග් ලෙනින් ලකුණු 36 (26) යි.
පන්දු යැවීමේ දී Renuka Singh හා Sneh Rana කඩුලු 2 බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.
නායිකා හර්මන්ප්‍රීට් කොවුර් පන්දු 43 කින් ලකුණු 65 ක් වාර්තා කළා. Jemimah Rodrigues ලකුණු 33 (33)යි.
පන්දු යැවීමේ දී Ashleigh Gardner කඩුලු 3 ක් ද, Megan Schutt කඩුලු 2ක් ද බිද හෙලුවා.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනා ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.
Yastika bhatia falls when she was going for batting yesterday at the Commonwealth games 🥺
Itna buri cheez kisi ke saath bhi naa ho 😭😭😭 pura confidence hi tut jaata hai.
Congratulations Indian woman cricket team for Silver 🥈. Next time gold 🏆 is waiting for us. pic.twitter.com/S6KzEuxolS— Virat is Universal GOAT 🐐 // 🇮🇳🫡 (@CricCrazyKohli) August 8, 2022
today in dressing room indian women crying 😢 . sure they are broken but some memorable comedy is for forever 🥰
💔#commonwealth #ice #WomenInBlue #smriti #yastika pic.twitter.com/StO0fQWc9G— Aditya pandey🚩🚩 (@AdityaP76244219) August 7, 2022