අවසන් පන්දුවාරයේ කඩුලු 3ක් දැවීයාමෙන් එංගලන්තයට ලකුණක පරාජයක්

0 181

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අපි‍්‍රකාව කඩුළු 8ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.

ටෙම්බා බවුමා ලකුණු 43යි.

පන්දු යැවීමේදී කි‍්‍රස් ජෝ්ඩන් ලකුණු 28කට කඩුළු 2ක් බිඳහෙළුවා.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ එංගලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 176ක් පමණි.

ජේසන් රෝයි ලකුණු 70ක් සහ නායක ඉයන් මෝගන් ලකුණු 52ක් රැස් කළා.

පන්දු යැවීමේදී ලකුණු 30කට කඩුළු 3ක් බිඳහෙලූ ලූන්ගි එන්ගිඩි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

තරගය ජය ගැනීම සදහා එංගලන්තයට අවසන් පන්දුවාරයේ දී ලකුණු 7ක් ලබා ගත යුතුව තිබූ නමුත්, ලුන්ගි එන්ගිඩී යැවූ එම පන්දුවාරයේ දී ඔවුන්ගේ කඩුලු 3ක් දැවී යාමත් සමග තරගයේ ජය එංගලන්තයෙන් ගිලිහුණා.

තරගයේ ලකුණු සටහන –

You might also like

Leave A Reply

Your email address will not be published.