අවසන් පන්දුවට එල්ල කළ හයේ පහරින් වාර්තා වූ බට්ලර්ගේ ශතකය කෝලිගේ ශතකය පරදයි
Match Report

විරාත් කෝලි රැස් කළ විශිෂ්ඨ ශතකය අපතේ යවමින් ජොස් බට්ලර් අවසන් පන්දුවේ දී ලබා ගත් අනර්ඝ ශතකය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.
ජායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 183 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.
පළමු කඩුල්ල ලෙස යශස්වි ජයිස්වාල් ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම දැවී ගියා. අනතුරුව බට්ලර් හා සංජු සැම්සන් රාජස්ථාන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 148 (86) ක අනර්ඝ සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කළා.
නායක සංජු සැම්සන් පන්දු 42 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 69 ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ජොස් බට්ලර් පන්දු 58 කින් නොදැවී ලකුණු 100 ක් ලබා ගනිමින් රෝයල්ස් පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 9 කින් වර්ණවත් වුණා. තරගය නිමා වූ 20 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමිනුයි බට්ලර් සිය ශතකය සම්පූර්ණ කළේ. මෙය ඔහු වාර්තා කළ 6 වැනි අයි.පී.එල් ශතකයයි.
රියාන් පරාග් ලකුණු 4කටත්, ධරව් ජුරෙල් ලකුණු දෙකකටත් දැවී ගියා. ශිම්රන් හෙට්මයර් නොදැවී ලකුණු 11 යි. පන්දු යැවීමේ දී රීස් ටොප්ලි ලකුණු 27 කට කඩුලු දෙකක් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් RCB කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 113 ක් නොදැවී වාර්තා කළේ පන්දු 72 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. මෙය ඔහු වාර්තා කළ 8 වැනි අයි.පී.එල් ශතකය වන අතර, මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු වාර්තා කළ පළමු ශතකය වූයේ ද එම ශතකයයි.
ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 44 කට දැවී ගියා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 125 (84) ක්. යළි අසාර්ථක වූ ග්ලේන් මැක්ස්වෙල් එක් ලකුණකට දැවී ගිය අතර, සවුරාව් චවුහාන් ලබා ගත්තේ ලකුණු 9 ක් පමණයි. කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 5 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 34 කට කඩුලු දෙකක් දවා ගත්තා.
මේ වන විට තමන් ක්‍රීඩා කළ තරග හතරම ජය ගෙන ඇති රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, බැංගලූරු කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග පහෙන් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. ඒ අනුව ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයයි.
You say Boss, we hear JOS 💥#RRvRCB #TATAIPL #IPLonJioCinema pic.twitter.com/rJLk1SW6kQ
— JioCinema (@JioCinema) April 6, 2024
4⃣ wins in 4⃣ matches for the @rajasthanroyals 🩷
And with that victory, the move to the 🔝 of the Points Table 😎💪
Scorecard ▶️ https://t.co/IqTifedScU#TATAIPL | #RRvRCB pic.twitter.com/cwrUr2vmJN
— IndianPremierLeague (@IPL) April 6, 2024