අවසන් තරගයෙන් පසු ඉන්දීය – බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් අතර ගැටුමක්

0 9,899

2020 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයට ශූරතාවය හිමි කර දෙමින් අවසන් වුයේ තියුණු සටනක් ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීමේ අවස්ථාව සනිටුහන් කරමින්.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තරග අවසානය මහත්වරුන්ගේ ක්‍රීඩාවට කලු පැල්ලමක් එක් කළා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 47.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 177ක් ලබා ගත් අතර, බංග්ලාදේශය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඔවුන්ට තරගය ජය ගැනීම සදහා පන්දුවාර 46කදී හිමි වූ ඉලක්කය ලකුණු 170ක්.

එම ඉලක්කය පන්දුවාර 42.1ක් අවසානයේ කඩුලු 7ක් දැවී පසු කර යාමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත් වුණේ තම රටට ඉතිහාසයේ පළමු වරට යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක ශූරතාවය හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, අවසන් මහා තරගයෙන් අනතුරුව ඉන්දීය සහ බංග්ලාදේශ ක්‍රීඩකයින් අතර ක්‍රීඩාංගනය තුළ දී ම ගැටුමක් හට ගත් අයුරු දක්නට ලැබුණා.

තරගය ජය ගැනීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයින් ක්‍රීඩාංගනය මැදට දිව ආ අතර, එහිදී ඔවුන් ජයග්‍රහනය සැමරීමේ දී ඉන්දීය ක්‍රීඩකයින් සමග යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති කර ගත් නමුත් ඊට හේතුව මෙතෙක් පැහැදිලි නැහැ.

එම අවස්ථාවේ දී ඉන්දීය පුහුණුකරු විසින් සිය ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගනයෙන් ඉවත් වන ලෙසට කළ සංඥාවක් ද තරගයේ සජීවී දර්ශන අතරතුර විකාශය වුණා.

ගැටුම හට ගත් අවස්ථාවේ දර්ශන –

You might also like

Leave A Reply

Your email address will not be published.