Ultimate magazine theme for WordPress.

අවසන් තරගයට සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකා A කණ්ඩායමට පාකිස්තාන A කණ්ඩායමෙන් ලකුණු 323 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 322 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ Saim Ayub ලකුණු 22කටත්, Sahibzada Farhan ලකුණු 12 කටත් දැවී ගියා.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අංක 3 පිතිකරු Omair Yousuf ලකුණු 88 ක් රැස් කළේ පන්දු 79 කින්. හයේ පහරක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක Mohammad Haris පන්දු 43 කින් ලකුණු 52 ක් ලබා ගත්තා. Mubasir Khan ලකුණු 42 (45) යි.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන්, ප්‍රමෝද් මදුෂාන් හා චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිද හෙලුවා. සහන් ආරච්චිගේ හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.