අවසන් ටෙස්ට් තරග 3 සදහා ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 3 වෙනුවෙන් වන ඔස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පළමු ටෙස්ට් තරග දෙක සදහා නම් කෙරුණු සංචිතයම කිසිදු වෙනසකින් තොරව 3 වන, 4 වන හා 5 වන ටෙස්ට් තරග සදහා ද නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
මෙල්බර්න්, සිඩ්නි හා හෝබාර්ට් හී දී ඉදිරි ටෙස්ට් තරග 3 පැවැත්වීමට නියමිතයි.
නීරෝධායනය වීමට සිදුව ඇති බැවින් නිත්‍ය නායක පැට් කමින්ස්ට දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුවත්, ඉදිරි තරග 3 සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ ද නායකත්වය හිමිව ඇත්තේ පැට් කමින්ස්ටයි.
ජොෂ් හේසල්වුඩ්ට ද ආබාධයක් හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය අහිමි වූ නමුත්, ඔහු ද ඔස්ට්‍රේලියානු සංචිතයේ සිය ස්ථානය තහවුරු කර ගෙන තිබෙනවා.
Squad:
Pat Cummins (c), Marcus Harris, David Warner, Marnus Labuschagne, Steve Smith, Travis Head, Usman Khawaja, Cameron Green, Alex Carey (wk), Mitchell Starc, Josh Hazlewood, Nathan Lyon, Jhye Richardson, Michael Neser, Mitchell Swepson.