Ultimate magazine theme for WordPress.

අවසන් එක්දින තරගයට බංග්ලාදේශයෙන් ප්‍රබල වෙනස්කමක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

පළමු තරග දෙකේ දී ම ලකුණු නොලබා දැවී ගිය ලිටොන් දාස් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු වෙනුවට මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති Jaker Ali Anik සංචිතයට ආදේශ කර තිබෙනවා.

මෙතෙක් එක්දින වරම් දිනා නැතත්, ඔහු මීට පෙර විස්සයි 20 ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කර ඇති අතර, ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි 20 තරගයේ දී ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කරමින් පන්දු 34 කින් ලකුණු 68 ක් රැස් කිරීමට ද ඔහු සමත් වුණා.

බංග්ලාදේශ තේරීම් කමිටු සභාපති Gazi Ashraf Hossain සදහන් කළේ නව පන්දුව හමුවේ ලිටොන් දාස් අඛණ්ඩව දක්ෂතා නොදක්වන බැවින් ඔහුව තවදුරටත් සංචිතයේ රදවා නොගන්නා බවයි.

“With the series now hanging in the balance, we believe Jaker Ali’s addition will provide the team with more options and flexibility in the middle order,”

“Considering Litton’s recent performance in white-ball cricket, we opted for this change, mindful of the availability of two other capable openers within the squad.”

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශය කඩුලු හයක ජයක් වාර්තා කළා. නමුත්, දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු තුනක ජයක් වාර්තා කිරීමත් සමග මේ වන විට එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

අවසන් එක්දින තරගය එළඹෙන 18 වැනිදා චිතගොංහී දී දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

Squad for third ODI:

Najmul Hossain Shanto (C), Anamul Haque Bijoy, Soumya Sarkar, Tanzid Hasan Tamim, Mushfiqur Rahim, Tawhid Hridoy, Mahmud Ullah, Mehidy Hassan Miraz, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan Sakib, Mustafizur Rahman, Jaker Ali Anik. ‎