අලුබදුන තරග තීරකටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

අයි.සී.සී තරග තීරක ඔස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් බූන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහුට ලබන 5 වැනිදා සිඩ්නි හී දී ආරම්භ වන සිව්වන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා එක්වීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඔහු වෙනුවට ස්ටීව් බර්නාඩ් සිව්වන තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.
ඩේවිඩ් බූන්ට දෙරට අතර පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයට එක්වීමේ අවස්ථාව හිමි වනු ඇති බවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරනවා.
එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ට ද ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත සිව්වන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයට සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.