Ultimate magazine theme for WordPress.

අලුබදුන අතරතුර තරුණියකට ආ විවාහ යෝජනාව

ජාත්‍යන්තර ක්‍රිකට් තරග අතරතුර දී විවාහ යෝජනා ඉදිරිපත් කිරීම මේ වන විට සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙමින් තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ම ජාත්‍යන්තර තරග අතරතුර දී එවැනි විවාහ යෝජනා ඉදිරිපත් වූ බව ඔබට මතක ඇති.

එවැනි සිදුවීමක් මෙවර අලුබදුන ටෙස්ට් තරගාවලියේ දී ද දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට අද(10) උදා වුණා.

අලුබදුන ටෙස්ට් තරගාවලිය යටතේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී යි ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයෙකු විසින් සිය පෙම්වතියට මෙම විවාහ යෝජනාව ඉදිරිපත් කළේ.