අලුත් වූ IPL නීති මෙන්න
ලබන 26 වනදා ආරම්භ වන මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තරග නීති සංශෝදනයක් සිදු කිරීමට අයි.පී.එල් සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව එක් කණ්ඩායමකට එක් ඉනිමක් සදහා විනිසුරු තීරණ නැවත විමසීමේ ක්රමවේදය (DRS)(reviews)යටතේ අවස්ථා දෙකක් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
මීට පෙර අයි.පී.එල් තරගයක ඉනිමක් සදහා ලබා දී තිබුණේ එවැනි අවස්ථා එකක් පමණයි.
මේ අතර, පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී ගියහොත් ඔහු වෙනුවට පැමිණෙන නව පිතිකරුවා ඊළග පන්දුවට මුහුණ දිය යුතු බවට වන නීති සංශෝදනයක් ද සිදු කර තිබෙනවා. (පන්දුවාරයක නිමාව සිදු නොවන්නේ නම් පමණක්)
ලබන ඔක්තෝබර් මාසයේ සිට බලාත්මක වන පරිදි මාරිලිබෝන් ක්රිකට් සමාජය විසින් මෙම නව නීතිය පසුගිය දා හදුන්වා දෙනු ලැබුවා.
මේ වන විට පවතින නීතිය අනුව පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී යන අවස්ථාවක උඩ පන්දුව රැක ගන්නා අවස්ථාවේදී පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා දිව යමින් එකිනෙකා පසුකර සිටියහොත් නව පිතිකරුවා වෙනුවට පිටියේ රැදී සිටි අනෙක් පිතිකරුවා ඊළග පන්දුවට පහර දිය යුතුයි.
මේ අතර, කොවිඩ් 19 හේතුවෙන් කණ්ඩායමකට තරගයක් සදහා නියමිත ක්රීඩකයින් ප්රමාණය සහභාගී කරවා ගැනීමට නොහැකි වන අවස්ථාවක අදාළ තරගය වෙනත් දිනයක පැවැත්වීම සදහා කටයුතු කිරීමට නියමිතයි.
තරගය එලෙස වෙනත් දිනයකදී පැවැත්විය නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු අවසන් තීරණය අයි.පී.එල් තාක්ෂණික කමිටුව විසින් ගැනීමට නියමිතව තිබෙනවා.
මේ අතර, තරගාවලියේ අවසන් වටයේ (playoffs/final) තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වූ අවස්ථාවක ජයග්රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් පවතින්නේනම් ලීග් වටයේ දී ප්රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වූ කණ්ඩායමට අදාළ තරගයේ ජයග්රහනය පිරිනැමීමට ද තීරණය කර තිබෙනවා.