අර්බුදය මැද ශ්‍රී ලංකා සංචාරය ගැන පාකිස්තානය තීරණයක් ගනියි

ශ්‍රී ලංකාව තුළ අර්බුදකාරී වාතාවරණයක් පැවතිය ද එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා සිය කණ්ඩායම සහභාගී වන බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහතික වී තිබෙනවා.
ජූලි – අගෝස්තු මාසවලදී පාකිස්තාන කණ්ඩායම මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහායි.
මීට පෙර එම සංචාරයට තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද ඇතුළත්ව තිබූ නමුත්, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය බැවින් අදාළ එක්දින තරගාවලිය අවලංගු කිරීමට තීරණය කෙරුණා.
“දුෂ්කර කාලවලදී පවා ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා සහාය වීමට අපි සැමවිටම සූදානම්. ටෙස්ට් තරගාවලිය සදහා සංචාරය කිරීම ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු සදහන් කළා.
පාකිස්තාන කණ්ඩායමට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, ඉදිරි දිනවලදී රට තුළ පවතින තත්ත්වය සලකා බලා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අදාළ සංචාරය සදහා එක්වීම පිළිබද අවසන් තීන්දු තීරණ ගනු ඇති.
කෙසේ වෙතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ සිය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් තීරණය ගත යුතු බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා තීරණය අනුව ඊට සහාය දැක්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවනවා.