අයි.සී.සී වසරේ එක්දින කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ
![](https://www.hitwicket.lk/wp-content/themes/Hitwicket.lk/images/default-thumb/full.png)
2022 වසරේ අයි.සී.සී එක්දින කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(24) නිවේදනය කළා.
2022 වසරේ දී ජාත්‍යන්තර එක්දින පිටියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්ව නම් කර ඇති ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම ලෝක කණ්ඩායමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.
පාකිස්තානයේ බාබර් අසාම් නායකත්වය දරන මෙම කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස නවසීලන්තයේ ටොම් ලේතම් නම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු, ඉන්දියානු, නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවලින් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර, පාකිස්තාන, සිම්බාබ්වේ හා බංග්ලාදේශ ක්‍රීඩකයෙකු බැගින් ද ලෝක එක්දින කණ්ඩායමට ඇතුළත්.
වසරේ අයි.සී.සී එක්දින කණ්ඩායම :
- Babar Azam (c) – Pakistan
- Travis Head – Australia
- Shai Hope – West Indies
- Shreyas Iyer – India
- Tom Latham (wk) – New Zealand
- Sikandar Raza – Zimbabwe
- Mehidy Hasan Miraz – Bangladesh
- Alzarri Joseph – West Indies
- Mohammed Siraj – India
- Trent Boult – New Zealand
- Adam Zampa – Australia