අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස රූට් නම් කෙරේ

අගෝස්තු මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස එංගලන්ත නායක ජෝ රූට් නම් තිබෙනවා.
ඒ, ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.
අගෝස්තු මාසයේ දී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග 3කදී ඔහු ලකුණු 507ක් රැස් කළ අතර, ශතක 3ක් ද ඊට ඇතුළත්.
මේ අතර, අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තේරී පත් වුණේ අයර්ලන්තයේ Eimear Richardson.