Ultimate magazine theme for WordPress.

අයි.සී.සීයට නව සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කෙරේ

අයි.සී.සී සාමාන්‍යාධිකාරී – ක්‍රිකට් තනතුර සදහා වසීම් ඛාන් පත් කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) අද(22) නිවේදනය කළා.

ලබන මාසයේ දි ඔහු අදාළ ධූරයේ වැඩ භාර ගන්නා බවයි අයි.සී.සීය සදහන් කළේ.

වසීම් ඛාන් මීට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ මෙන්ම ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ ද ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කළා.

මීට පෙර අයි.සී.සී සාමාන්‍යාධිකාරී – ක්‍රිකට් තනතුරේ රැදී සිටියේ Geoff Allardice.

ඔහු වසර 8ක කාලයක් එම තනතුරේ කටයුතු කළ අතර, මේ වන විට අයි.සී.සී ප්‍රධාන විධායක නිළධාරී ලෙසයි Geoff Allardice කටයුතු කරන්නේ.