Ultimate magazine theme for WordPress.

අයියර් එක්දින තරගාවලියෙන් ඉවතට

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය පිතිකරු ෂ්රෙයස් අයියර්ට අහිමි වී තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ඔහුට මෙලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

ආබාධය පිළිබද වැඩිදුරටත් තක්සේරු කිරීම සදහා ඔහුව ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කිරීමට නියමිතයි.

අයියර් වෙනුවට රාජත් පටිදර් ඉන්දීය එක්දින සංචිතය සදහා ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට (18) හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.