අයර්ලන්ත කණ්ඩායමට නව නායකයෙකු පත් කෙරේ

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග රටාවේ නව නායකයා ලෙස පෝල් ස්ටර්ලින්ග් පත් කර තිබෙනවා.
ඒ, මීට මාස කිහිපයකට පෙර ඇන්ඩි බල්බර්නි නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සදහායි.
ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව පෝල් ස්ටර්ලින්ග් වැඩබලන නායකයා ලෙස ද මෙතෙක් කටයුතු කළා.
සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුව ද, බල්බර්නි තවදුරටත් අයර්ලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.
මීට පෙර 33 හැවිරිදි ස්ටර්ලින්ග් තරග 22 කදී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවා ඇති අතර, 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවීමට ද ඔහු සමත් වුණා.
2019 හා 2023 ලෝක කුසලාන තරගාවලි සදහා සුදුසුකම් ලැබීමට අයර්ලන්තයට නොහැකි වූ බැවින් රටවල් 14 ක් ක්‍රීඩා කරන 2027 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම රැගෙන යාම ඔහුට පැවරෙන ප්‍රධානම වගකීමක් බවට පත් වනු ඇති.