Ultimate magazine theme for WordPress.

අයර්ලන්තය පරදා ඕමානයට ඓතිහාසික එක්දින ජයක්

Match Report

2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු පෙරළිය සිදු කරමින් අයර්ලන්තය පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඕමානය අද(19) සමත් වුණා.

තරගාවලියේ 4 වැනි තරගය ලෙස බුලවායෝ හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 281 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 නිමා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

මෙය ඕමාන කණ්ඩායම විසින් අයි.සී.සී පූර්ණ සාමාජික රටකට එරෙහිව ලැබූ පළමු එක්දින තරග ජය ලෙසයි ඉතිහාසගත වුණේ.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ඉනිම වෙනුවෙන් ජෝර්ජ් ඩොක්‍රෙල් නොදැවී ලකුණු 91 ක් ලබා ගත් අතර, හැරී ටෙක්ටර් ලකුණු 52 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Bilal Khan හා Fayyaz Butt කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඕමාන හඹා යාමේ දී Kashyap Prajapati ලකුණු 72 ක් ද, Zeeshan Maqsood ලකුණු 59 ක් ද, Aqib Ilyas ලකුණු 52 ක් ද ලබා ගත්තා. Mohammad Nadeem නොදැවී ලකුණු 46 යි.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් හා මාර්ක් අඩයර් කඩුලු 2 බැගින් දවා ගත්තා.