අමෙරිකාවට ඓතිහාසික ක්‍රිකට් ජයක්
Match Report
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 26ක ඓතිහාසික ජයක් වාර්තා කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සමත් වුණා.
එය ඉතිහාසගත වුණේ ටෙස්ට් වරම් හිමි රටකට එරෙහිව අමෙරිකාව ලැබූ පළමු 20යි 20 ජය ලෙසයි.
අයර්ලන්ත කණ්ඩායමේ අමෙරිකා තරග සංචාරයට 20යි 20 තරග 2ක් හා එක්දින තරග 3ක් ඇතුළත් අතර, අමෙරිකාව ටෙස්ට් වරම් හිමි රටක් සමග සිය රටේ දී ද්විපාර්ශ්වික තරගාවලියකට එක් වන පළමු අවස්ථාව ද මෙයයි.
ෆ්ලොරිඩාහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් අමෙරිකාව කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා.
ඒ, ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 16ක් තුළ බිද වැටුණු පසුබිමකයි.
සුශාන්ට් මොදානි ලකුණු 50ක් හා ගජනන්ද් සිං ලකුණු 65ක් රැස් කළා.
පන්දු යැවීමේ දී Barry McCarthy ලකුණු 30කට කඩුලු 4ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබා ගනිමින්.
Lorcan Tucker ලකුණු 57ක් නොදැවී ලබා ගත්තා.