Ultimate magazine theme for WordPress.

අබිඩ් අලී තරගයක් අතරතුර හදිසියේ රෝහල් ගත කෙරේ

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන අබිඩ් අලී එරට පැවැති දේශීය තරගයක් අතරතුර දී හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.

පපු ප්‍රදේශයේ වේදනාවක් ඇති වීම හේතුවෙන් ඔහුව එලෙස රෝහල් ගත කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එරට දේශීය ක්‍රිකට් තරගාවලියක් වන Quaid-e-Azam කුසලාන තරගාවලියේ දී ඔහු මධ්‍යම පංජාබ් කණ්ඩායම නියෝජනය කරන අතර, එම තරගාවලිය යටතේ කරච්චිහී දී පැවැති තරගයක් අතරතුර පිතිකරණයේ නිරතව සිටියදී යි ඔහුව රෝහල් ගත කර ඇත්තේ.

අබිඩ් අලී වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වන විට පසුවන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව සදහන්.