Ultimate magazine theme for WordPress.

අනතුරකින් දිවියට සමු දුන් රූඩි

අයි.සී.සී ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ දකුණු අප්‍රිකානු ජාතික රූඩි කර්ස්ටන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෝටර් රථ අනතුරක් හේතුවෙන් ඔහු මියයන විට 73 හැවිරිදි වියේ පසු වුණා.

ජාත්‍යන්තර පිටියේ ඔහු ටෙස්ට් තරග 127 කදී, එක්දින තරග 250 කදී, 20යි 20 තරග 19 කදී හා කාන්තා 20යි 20 තරගයකදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා.

වසර 18ක කාලයක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ රූඩි කර්ස්ටන් ටෙස්ට් තරග 100 කට වැඩි ප්‍රමාණයක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ විනිසුරුවරුන් තිදෙනාගෙන් එක් අයෙකු ද වනවා.