Ultimate magazine theme for WordPress.

“අද දවස අපේ දවස නෙවෙයි” : චාමික කරුණාරත්න

පිතිකරණයේ නිරත වීමේ දී පළමු පන්දුවාර 10 තුළ දී එක් කඩුල්ලක් පමණක් ලබා දෙමින් පන්දුවට පහර දීමට හැකියාව තිබුණේ නම් නවසීලන්තයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ ප්‍රතිපලය මීට වඩා බොහෝ දුරට වෙනස් වන්නට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පවසනවා.

ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ලකුණු 198 ක දැවැන්ත පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන් ද මෙම තරගයේ දී හොදින් ක්‍රීඩා කළ නමුත්, ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවාර 10 කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට නොහැකි වීම තරගයේ පරාජයට හේතු වූ බව ඔහුගේ අදහසයි.

පන්දුවාර 10 න් පසුව පන්දු යවන්නන්ට වාසි සහගත තත්ත්වයක් පැවැති බවක් දක්නට නොලැබුණ බවත්, පිතිකරණයට යෝග්‍යය තත්ත්වයක් එහිදී දක්නට ලැබුණු බවත් චාමික සදහන් කළා.

“ඒගොල්ලෝ ඇවිල්ලා දෙවැනි ස්පෙල් එක දානකොට අපිට තේරුණා ඒගොල්ලන්ගේ movement එකක් නෑ.” යනුවෙන් චාමික කරුණාරත්න කියා සිටියා.

“මම හිතන්නේ අපේ movement එකක් තිබ්බා ඒගොල්ලන්ට වඩා දෙවැනි ස්පෙල් එනකොට. ලහිරු කුමාර එනකොට දැක්කා, දසුන් ශානක එනකොට දැක්කා, මම, කසුන් රාජිත ඉතිං අපි හැමෝගෙම Variations එක්ක හොද mix එකක් දෙවැනි ස්පෙල් එකෙත් තිබ්බා. ඒගොල්ලෝ එනකොට අපිට පෙණුනා බෝලෙ බැට් එකට එනවා. මම හිතන්නේ විකට් එකත් හොදයි, අනිත් වික්ට්ස්වලට වඩා බවුන්ස් එක මේකෙ තියෙනවා. ඒ වුණාට ඉතිං අද දවස අපේ දවස නෙවෙයි. අපි හරි කනගාටුවෙනවා අද දක්වපු දක්ෂතා ගැන” 

තරගය පරාජයට පත් වුවද අද තරගයේ දී චාමික කරුණාරත්න ලකුණු 43 කට කඩුලු 4 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් ඉහළ දක්ෂතා දැක් වීමට සමත් වුණා. ඒ සම්බන්ධයෙන් ද චාමික අදහස් පල කළා.

“ගොඩක් සතුටුයි, මොකද මම හැමවෙලේම ගොඩක් මහන්සි වෙන කෙනෙක්. ඒක තමයි මගේ පිටිපස්සේ තියෙන්නේ. මගේ වළලුකර ආබාධයකුත් තියෙනවා. මම ඒත් කල්පනා කරේ මම මේක අතඅරින්නේ නෑ කියලා. ඊයේ දවසෙ අන්තිමට තමයි මම ගහනවා කියලා තේරුවේ. මම ගහන්නත් නෙවෙයි හිටියේ. මට හම්බෙන හැම අවස්ථාවකින්ම මම බලන්නේ මගේ කණ්ඩායම වෙනුවෙන් හා රට වෙනුවෙන් දෙයක් කරන්න. ඉතිං මම හිතනවා මම සාධාරණයක් කරා කියලා සහ මගේ සියයට සීයක් දුන්නා කියලා බෝලින්වලින්.”