අදයර් සහෝදරයින් දකුණු අප්‍රිකාවට එරෙහිව අයර්ලන්තයට ඓතිහාසික ජයක් හිමි කර දෙයි
Match Report
අදයර් සහෝදරයින්ගේ විශිෂ්ඨ දක්ෂතා හමුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් අයර්ලන්තය ලකුණු 10 ක ජයක් වාර්තා කරමින්. ඒ අනුව තරගාවලිය තරග 1-1 ක් ලෙස සම මට්ටමින් අවසන් වුණා.
අබුඩාබි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 195 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 185 ක් පමණයි.
අයර්ලන්ත ඉනිම වෙනුවෙන් රෝස් අදයර් ලකුණු 100 ක් ලබා ගත්තේ පන්දු 58 කින්. හයේ පහර 9ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක පෝල් ස්ටර්ලින් ලකුණු 52(31) යි.
පන්දු යැවීමේදී වියාන් මෝල්ඩර් ලකුණු 51 කට කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් හා අංක 3 පිතිකරු Matthew Breetzke. ඔවුන් දෙදෙනාම ලකුණු 51 බැගින් ලබා ගත්තා. ආරම්භක පිතිකරුවෙකු වූ Ryan Rickelton ලකුණු 36 කට දැවී ගියා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.
පන්දු යැවීමේ දී මාර්ක් අදයර් ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ග්රැහැම් හියුම් ලකුණු 25 කට කඩුලු 3 ක් බිද හෙලුවා.