ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂගෙන් ජනපතිට ලිපියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ, පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහනයට සුබ පැතුම් ද එක් කරමින්.
ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට සුරක්ෂිත අනාගතයක් උදා කර ගැනීමට හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි ඇය සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.
මේ වන විට ක්‍රියාත්මක IMF වැඩසටහන ඇතුළු මෙරට සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිරසාර සහකරුවෙකු වශයෙන් ඉදිරියටත් කටයුතු කිරීමට සුදානම් බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් සදහන්.