ආගමන හා විගමන පාලක බන්ධනාගාර ගත කෙරේ
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(25) නියෝග කළා.
ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි.
විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කෙරුණු අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම හරහා අධිකරණයට අපහාසයක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා.
පෙත්සම යළි කැඳවීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 22 වනදායි.