Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය දිනූ මුම්බායි වෙනුවෙන් 17 හැවිරිදි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා IPL වරම් දිනයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමටයි තීරණය කළේ.

තරගය හයිදරාබාද් හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ආබාධයක් හේතුවෙන් මුම්බායි ක්‍රීඩක ලුක් වුඩ්ට මෙම තරගය අහිමි වී ඇති අතර, ඒ අනුව 17 හැවිරිදි ක්වේනා මාපාක (Kwena Maphaka) මෙම තරගයේ දී අයි.පී.එල් වරම් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මේ අතර, සන්රයිසස් කණ්ඩායම අද තරගය වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මාර්කෝ ජන්සන් වෙනුවට ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමට කැදවා ඇති අතර, ආබාධයකට ලක්ව සිටින ටී නටරාජන් වෙනුවට ජයිදේව් උනඩ්කට් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙය රෝහිත් ෂර්මා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන 200 වැනි තරගය වීම ද කැපී පෙනෙනවා.

අද තරගය සදහා ද මුම්බායි වෙනුවෙන් නුවන් තුෂාර ක්‍රීඩා කරන්නේ නැහැ.

Mumbai Indians XI:

R. Sharma, I. Kishan (wk), T. Varma, H. Pandya (c), T. David, N. Dhir, G. Coetzee, J. Bumrah, P. Chawla, S. Mulani, K. Maphaka

Sunrisers Hyderabad XI:

T. Head, M. Agarwal, A. Sharma, A. Markram, H. Klaasen (wk), A. Samad, S. Ahmed, P. Cummins (c), B. Kumar, M. Markande, J. Unadkat

 

Leave a comment