IPL පළමු ගැටුම මුම්බාය සහ චෙන්නාය අතර – තරගාවලිය දින 50කට දිගු වෙයි

0 339

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පසුගියවර ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ අනුශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගය ලබන මාර්තු 29 වනදා මුම්බායිහී දී පැවැත්වෙන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

අයි.පී.එල් තරග සංවිධායකයින් විසින් මෙතෙක් නිල වශයෙන් තරග කාලසටහන ප්‍රකාශයට පත් කර නොමැති නමුත් එය මේ වන විට තරගාවලියට එක්වන කණ්ඩායම් වෙත සහ විකාශන ආයතනය වෙත ලබා දී ඇති බව සදහන්.

තරගාවලියේ අවසන් තරගය මැයි 24 වනදා පැවැත්වෙන අතර, තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට අදාල කාලසටහන මෙතෙක් ප්‍රකාශයට පත් වී නැහැ.

මූලික වටයේ අවසන් තරගය මැයි 17 වනදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇති.

මෙවර තරගවාරයේ දී සෙනසුරාදා දිනයේ දී තරග දෙකක් නොපැවැත්වෙන බවත්, ඉරිදා දිනයේ දී පමණක් තරග දෙකක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් වාර්තා වනවා.

පසුගිය තරගාවලිය දින 44ක් පැවැති නමුත් මෙවර තරගාවලිය දින 50ක් පුරා පැවැත්වෙන බව ද සදහන්.

You might also like

Leave A Reply

Your email address will not be published.