අයි.පී.එල් මාර්තු 29 ඇරඹෙයි – වේලාවන්හි සංශෝදනයක් නැහැ

0 243

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියර ලබන මාර්තු 29 වනදා ආරම්භ වන බව අයි.පී.එල් තරග සංවිධායකයින් පවසනවා.

අවසන් මහා තරගය මැයි 24 වනදා මුම්බායි හී දී පැවැත්වීමට නියමිතයි.

සදුදා දින(27) නවදිල්ලි නුවර දී පැවැති අයි.පී.එල් පාලනාධිකාරී රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, රාත්‍රී අටට ආරම්භ වන තරග රාත්‍රී 7.30ට ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡා සිදු වූ නමුත්, අදාළ තරග මෙවරත් රාත්‍රී අටටම ආරම්භ කිරීමටයි සංවිධායකින් තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, නිපන්දු නිරීක්ෂණය කිරීමේ බලතල තෙවන විනිසුරුට ලබා දීම සහ තරගයක් අතරතුර දී ආබාධයක් සිදු වූ විට ක්‍රීඩකයෙකු අවසන් 11 දෙනා අතරට ආදේශ කිරීම සදහා අවසර ලබා දීමට මෙවර තරග වාරයේ දී කටයුතු කෙරෙනු ඇති.

You might also like

Leave A Reply

Your email address will not be published.