දකුණු අප්‍රිකාවට දඩුවම් ලකුණු 6ක් සමගින් 60%ක දඩ මුදලක් පනවයි

0 641

නියමිත කාලයට පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරග ගාස්තුවෙන් 60%ක දඩ මුදලක් පනවා තිබෙනවා.

ඊට අමතරව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණුවලින් ලකුණු 6ක් (දඩුවම් ලකුණු ලෙස) කපා හැරීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇති බව සදහන්.

එංගලන්තය සමග නිමා වූ සිව්වන ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකාව විසින් නියමිත කාලය වන විට පන්දුවාර 3ක් යවා නිම කර නොමැති බවට චෝදනා එල්ල වූ අතර, නායක ෆෆ් ඩු ප්ලෙසිස් විසින් වරද පිළිගෙන තිබෙනවා.

You might also like

Leave A Reply

Your email address will not be published.