Ultimate magazine theme for WordPress.

LPL වෙන්දේසියේ දී මෙතෙක් අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව

(අලෙවි වූ සියලු ක්‍රීඩකයින් පහතින්)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී පැවැත්වෙනවා.

මෙම සටහන තබන අවස්ථාව වන විට වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 27 දෙනෙකු අලෙවි වී තිබුණා. ඊට විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ඇතුළත්.

වෙන්දේසියට පළමුව ඉදිරිපත් කෙරුණේ ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ලින්. ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

අනතුරුව බංග්ලාදේශයේ තමිම් ඉක්බාල් ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු නමුත්, ඔහුව ද කිසිදු කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ.

වෙන්දේසියේ දී අලෙවි වූ පළමු ක්‍රීඩකයා බවට පත් වූයේ ධනංජය ද සිල්වා. ඔහු ඇමෙරිකානු ඩොලර් 40,000 ක මූලික වටිනාකමක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් වී සිටි අතර, ඔහුව ඩොලර් 76,000 කට දඹුල්ල කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

චරිත් අසලංක ඩොලර් 80,000 කට මිලදී ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින්. පැතුම් නිස්සංක කොළඹ කණ්ඩායම විසින් ඩොලර් 40,000 කට මිලදී ගත්තා. සීක්කුගේ ප්‍රසන්න ගාලු කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඩොලර් 15,000 කට මිලකටයි.

ඉසුරු උදාන මහනුවර කණ්ඩායම විසින් ඩොලර් 40,000 කට මිලදී ගත් අතර, දුනිත් වෙල්ලාලගේ ඩොලර් 56,000 කට යාපනය කණ්ඩායමට අලෙවි වුණා.

ෂොයිබ් මලික් ඩොලර් 50,000 කට අලෙවි වුණේ යාපනය කණ්ඩායමටයි. වහබ් රියාස් කොළඹ කණ්ඩායම විසින් ද, මොහමඩ් හස්නයින් මහනුවර කණ්ඩායම විසින් ද, Hayden Kerr දඹුල්ල කණ්ඩායම විසින් ද මිලදී ගත්තා.

මෙතෙක් අලෙවි වූ ක්‍රීඩකයින් පහතින් –

[wptb id=47200]