Ultimate magazine theme for WordPress.

IPL නියෝජනය කළ ශ්‍රී ලාංකිකයින් 27 දෙනා සහ ඔවුන්ගේ කණ්ඩායම්

2020 ඉන්දිය ප්‍රිමියර් ලීගයේ එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩක නියෝජනය ඉසුරු උදාන වන අතර ඔහු මෙවර තරගාවලියට සහභාගීවුණේ අයි.පී.එල් තරගාවලියක් නියෝජනය කළ 27 වන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා ලෙසයි.

ඔහුට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 27 දෙනෙකු ඉන්දිය ප්‍රිමියර් ලීගය නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගෙන තිබුණා.
මේ විමසා බැලීම එම ක්‍රීඩකයින් පිළිබදවයි.

01. ලසිත් මාලිංග

මේ දක්වා පවත්වා ඇති තරගාවලි 13 න් තරගාවලි 9 ක් නියෝජනය කර ඇති ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියාද වනවා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පමණක් නියෝජනය කර ඇති ඔහු තරග 122කදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170ක්.

02. තිසර පෙරේරා

ලීග් ක්‍රිකට් රටාවට ප්‍රසිද්ධ ක්‍රීඩකයකු වන තිසර පෙරේරා අවස්ථා 7 කදී ඉන්දිය ප්‍රිමියර් ලීගය නියොජනය කිරීමට සමත්ව තිබෙනවා. ඔහු නියෝජනය කර ඇති කණ්ඩායම් මෙසෙයි.

2010 – Chennai Super Kings
2011 – Kochi Tuskers Kerala
2012 – Mumbai Indians
2013 – SunRisers Hyderabad
2014 – Kings XI Punjab
2015 – Kings XI Punjab
2016 – Rising Pune Supergiant

03. ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් අවස්ථා 7 කදී ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට සමත්වී ඇති අතර ඔහු කණ්ඩායම් තුනක් නියෝජනය කර තිබෙනවා.

2009 – Kolkata Knight Riders
2010 – Kolkata Knight Riders
2011 – Pune Warriors India
2012 – Pune Warriors India
2013 – Pune Warriors India
2015 – Delhi Daredevils
2017 – Delhi Daredevils

04. මහේල ජයවර්ධන

ශ්‍රී ලංකා ක්‍රිකට් බිහිකළ විශිෂ්ඨ ක්‍රීඩකයකු හා දක්ෂ නායකයෙකු වන මහේල ජයවර්ධන මේ වන විට මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, මීට පෙර තරගාවලි 6 කදී ක්‍රීඩකයකු ලෙස ඉන්දිය ප්‍රිමියර් ලීගය නියෝජනය කර තිබෙනවා.

2008 – Kings XI Punjab
2009 – Kings XI Punjab
2010 – Kings XI Punjab
2011 – Kochi Tuskers Kerala
2012 – Delhi Daredevils
2013 – Delhi Daredevils

05. කුමාර් සංගක්කාර

සචින් ටෙන්ඩුල්කාර්ට පසුව ලොව වැඩිම ජාත්‍යන්තර ලකුණු ප්‍රමාණයක් රැස්කර ඇති පිතිකරුවා වන කුමාර් සංගක්කාර අවස්ථා හයකදී ඉන්දීය ප්‍රිමියර් ලීගය නියෝජනය කර තිබෙනවා.

2008 – Kings XI Punjab
2009 – Kings XI Punjab
2010 – Kings XI Punjab
2011 – Deccan Chargers
2012 – Deccan Chargers
2013 – SunRisers Hyderabad

6. මුත්තයියා මුරලිදරන්

ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් කලක සිට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා. අවස්ථා 7 කදී ක්‍රිඩකයකු ලෙස ඉන්දිය ප්‍රිමියර් ලීගය නියෝජනය කිරීමට ද ඔහු සමත්වුණා.

2008 – Chennai Super Kings
2009 – Chennai Super Kings
2010 – Chennai Super Kings
2011 – Kochi Tuskers Kerala
2012 – Royal Challanegrs Bangalore
2013 – Royal Challanegrs Bangalore
2014 – Royal Challanegrs Bangalore

07. තිලකරත්න ඩිල්ශාන්

සීමීත පන්දුවාර ක්‍රිකට් රටාවේ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් අවස්ථා හයකදී ඉන්දීය ප්‍රිමියර් ලීගය නියෝජනය කිරීමට සමත් වී තිබෙනවා.

2008 – Delhi Daredevils
2009 – Delhi Daredevils
2010 – Delhi Daredevils
2011 – Royal Challengers Bangalore
2012 – Royal Challengers Bangalore
2013 – Royal Challengers Bangalore

08. ෆර්විස් මහරුෆ්

වේග පන්දුයවන තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් නියෝජනය කර ඇති ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලි ගණන 3 ක්.

2008 – Delhi Daredevils
2009 – Delhi Daredevils
2010 – Delhi Daredevils

09. චමින්ද වාස්

ලොව විශිෂ්ඨතම වමත් වේග පන්දු යවන්නෙකු වන චමින්ද වාස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි තුනක් නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගෙන තිබුණා.

2008 – Deccan Chargers
2009 – Deccan Chargers
2010 – Deccan Chargers

10. සනත් ජයසූරීය

සීමිත පන්දුවාර ක්‍රිකට් රටාවේ අමරණීය නාමයක් වන සනත් ජයසූරිය අවස්ථා තුනකදී ඉන්දිය ප්‍රිමියර් ලීගය නියෝජනය කර තිබෙනවා. මුම්මාබි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා වන්නේ ද සනත් ජයසූරියයි.

2008 – Mumbai Indians
2009 – Mumbai Indians
2010 – Mumbai Indians

11. අජන්ත මෙන්ඩිස්

දඟ පන්දුවෙන් සියල්ලන් මවිතයට පත් කල අජන්ත මෙන්ඩිස් නියෝජනය කර ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ගණන 4 ක්.

2008 – Kolkata Night Riders
2009 – Kolkata Night Riders
2010 – Kolkata Night Riders
2013 Pune Warriors India

12. නුවන් කුලසේකර

2011 – Chennai Super Kings
2012 – Chennai Super Kings
2013 – Chennai Super Kings

13. තිලාන් තුෂාර

2009 – Chennai Super Kings
2010 – Chennai Super Kings

14. චාමර සිල්වා

2008,2009 – Deccan Chargers

15. නුවන් සොයිසා

2008,2009 – Deccan Chargers

16. චාමර කපුගෙදර

2008 – Chennai Super Kings

17. අකිල ධනංජය

2013 – Chennai Super Kings
2018 – Mumbai Indians

18. සුරාජ් රන්දීව්

2011, 2012 Chennai Super Kings

19. ජීවන් මෙන්ඩිස්

2013 Delhi Daredevils

20. සචිත්‍ර සේනානායක

2013 – Kolkata Night Riders

21. කුසල් පෙරේරා

2013 – Rajasthan Royals

22 – දිල්හාර ප්‍රනාන්දු

2008,2009,2010,2011 – Mumbai Indians

23 – ඉසුරු උදාන

2020 – Royal Challengers Bangalore

මීට අමතරව ඉන්දිය ප්‍රිමියර් ලීගය වෙනුවෙන් තෝරා ගැණුන ද එකදු තරගයකටවත් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 4 දෙනෙකු ද වනවා.

24 – දුශ්මන්ත චමීර

2018 – Rajastan Royals

25 – අසේල ගුණරත්න

2017 – Mumbai Indians

26 – නුවන් ප්‍රදීප්

2011 – Royal Challengers Bangalore

27 – දිනේශ් චන්දිමාල්

2012 – Rajastan Royals

Leave a comment