Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියේ වැඩිම හයේ පහරවල් එල්ල කළ පිතිකරුන් 10 දෙනා

ප්‍රථම වරට සංවිධාන කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් ද්විත්වය මේ වනවිටත් තේරී පත්වී අවසන්.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හෙට(16) පස්වරු 7 ට පැවැත්වෙන අවසන් මහා තරගයේදී කුසලානය වෙනුවෙන් එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතයි.

මෙතෙක් පැවති තරගවලට අනුව තරගාවලියේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කර ඇති පිතිකරුවන් පිළිබඳ ඔබව දැනුවත් කිරීමට අපි තීරණය කළා.

ඒ අනුව LPL තරගාවලියේ මෙතෙක් පැවති තරගවලට අනුව වැඩිම හයේ පහරවල් ගණනක් එල්ල කර ඇති පිතිකරුවන් 10 දෙනා මෙසේයි.

10. නිරෝශන් දික්වැල්ල ( දඹුල්ල වයිකින්ග් )
ඉනිම 9 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 8 ක්.

09. ඇන්ජලෝ පෙරේරා ( දඹුල්ල වයිකින්ග් )
ඉනිම 7 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 8 ක්.

08. ඇන්ඩ්‍රි රසල් ( කලම්බූ කිංග්ස් )
ඉනිම 7 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 10 ක්.

07. රහමනුල්ලා ගුර්බාස් ( කැන්ඩි ටස්කර්ස් )
ඉනිම 8 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 11 ක්.

06. අසාම් ඛාන් ( ගෝල් ග්ලැඩියේටර්ස් )
ඉනිම 8 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 12 ක්.

05. දසුන් ශානක ( දඹුල්ල වයිකින්ග් )
ඉනිම 9 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 14 ක්.

04. කුසල් මෙන්ඩිස් ( කැන්ඩි ටස්කර්ස් )
ඉනිම 8 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 17 ක්.

03. තිසර පෙරේරා ( ජැෆ්නා ස්ටැලියන්ස් )
ඉනිම 7 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 17 ක්.

02. ලෝරී එවන්ස් ( කලම්බූ කිංග්ස් )
ඉනිම 8 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 18 ක්.

01. අවිශ්ක ප්‍රනාන්දු ( ජැෆ්නා ස්ටෑලින්ස් )
ඉනිම 7 යි, එල්ල කර ඇති හයේ පහරවල් ගණන 18 ක්.

Leave a comment