Ultimate magazine theme for WordPress.

IPL ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රතික්ෂේප වූ විදෙස් ක්‍රීඩකයන්

මෙම වසරේ පැවැත්වීමට නියමිත ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසිය පසුගිය 18 වනදා සාර්ථක අයුරින් පැවැති අතර, ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප ඔබට නිරතුරුවම වාර්තා කළා.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සදහා තොරා ගැණුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 දෙනා අතුරින් එකඳු ක්‍රීඩකයෙකු හෝ මිළදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක්.

ඒ අනුව වසර 14 ක IPL ඉතිහාසය තුළ කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සහභාගී නොවන ප්‍රථම අයි.පී.එල් තරගාවලිය මෙය ලෙසයි ඉතිහාසයට එක් වන්නේ.

තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොගත් නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට මෙවර IPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ වරම් හිමි වූ අයුරු ද අපට දැක ගත හැකි වුණා.

වර්තමානයේ දක්ෂතා අතර සිටින බොහෝ ක්‍රීඩකයන් ඉහළ ලංසුවකට යටත්ව අළෙවි වූ අතර, ඉන්දිය රුපියල් කෝටි 145 ක පමණ සුවිසල් මුදල් ප්‍රමාණයක් ක්‍රීඩකයන් 57 දෙනෙකු අතර අඩු වැඩි වශයෙන් බෙදීයමිනුයි ක්‍රීඩක වෙන්දේසිය නිමාවට පත්වුණේ.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලිය සදහා පැවැති වෙන්දේසියේ දී ප්‍රතික්ෂේප වූ අයුරු ද දැක ගත හැකි වුණා.

ඒ අනුව 2021 වසර සදහා වන ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමිව යමින්, මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රතික්ෂේප වී ගිය විදෙස් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව මෙසේ ඉදිරිපත් කළ හැකියි.

Batsmen

Alex Hales, Jason Roy , Evin Lewis, Aaron Finch, Rovman Powell, Shaun Marsh, Corey Anderson, Devon Conway, Darren Bravo, Rassie van der Dussen, Martin Guptill,

Bowlers
Sheldon Cottrell, Adil Rashid, Rahul Sharma, Ish Sodhi, Qais Ahmad, Sandeep Lamichhane, Oshane Thomas, Billy Stanlake, Mitchell McClenaghan, Jason Behrendorff, Naveen-ul-Haq, Ben Dwarshuis, Sean Abbott, Reece Topley

Wicketkeepers

Glenn Phillips, Alex Carey, Kusal Perera, Ben McDermott, Matthew Wade, Josh Inglis

All-rounders

Marnus Labuschagne, Thisara Perera, Scott Kuggeleijn, Wayne Parnell, Chris Green, Isuru Udana,
George Linde, Jack Wildermuth, Gerald Coetzee, Tim David

Leave a comment