Ultimate magazine theme for WordPress.

වැඩිම වාර ගණනකදී ලකුණු 0 ට දැවී ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය ද මේ වන විට අවසන් වීමට ආසන්න වී තිබෙනවා.

තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ද ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකා තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගත් පිතිකරුවෙකු බවට කුසල් මෙන්ඩිස් පත්ව සිටියද මෙවර තරගාවලියේ දී සාර්ථක පිතිහරඹයක නිරත වීමට ඔහුට දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි වූයේ නැහැ.

කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී ඉනිම 4 ක් තුළ වාර්තා කළේ ලකුණු 12 ක් පමණයි.

අවසන් ඉනිම තුනේදීම එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මේ වනවිට ජාත්‍යන්තර තරගවලදී ඉනිම 189 කට ක්‍රීඩා කර ඇති කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අවස්ථා ගණන 23 ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම වාර ගණනකදී ලකුණු 0 ට දැවී ගිය ක්‍රීඩකයින් පිළිබදවයි මෙම සටහනෙන් අප අවධානය යොමු කරන්නේ.

M Muralidaran 59 ducks in 328 innings

S Jayasuriya 53 ducks in 651 innings

M Jayawardena 47 ducks in 725 innings

L Malinga 43 ducks in 189 innings

C Vaas 37 ducks in 384 innings

M Attapattu 35 ducks in 416 innings

T Dilshan 35 ducks in 527 innings

A Ranatunga 30 ducks in 410 innings

P Wickramasinghe 29 ducks in 128 innings

S Lakmal 29 ducks in 149 innings

R Kaluwitharana 29 ducks in 259 innings

K Sangakkara 28 ducks in 666 innings

Leave a comment