Ultimate magazine theme for WordPress.

ලොව ප්‍රධාන ලීග් 11 ක පළමු වරට ඉනිමක කඩුලු පහක් දවාගත් පන්දු යවන්නන්

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරුවක් දක්වන ප්‍රේක්ෂකයන් විස්සයි විස්ස ක්‍රිකට් රටාවට දක්වන්නේ සුවිශේෂී කැමැත්තක්.

ඒ හේතුවෙන් සහ තම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන බොහෝ රටවල් විස්සයි විස්ස ලීග් තරගාවලියක් පවත්වාගෙන යාමට කටයුතු කරනු දක්නට ලැබෙනවා.

මෙරට ප්‍රථම වරට එවැනි ලීග් තරගාවලියක් 2012 වසරේදී සංවිධාන වුණත් අඛණ්ඩව එය පවත්වාගෙන යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පහුගිය මාසයේ සිට ලෝක ලීග් ක්‍රිකට් රටවාට ඇතුලත් වූ නවතම සමාජිකයා බවට පත්වීමට ලංකා ප්‍රිමියර් ලීගය සමත්වුණා.

මේ වන විට එම තරගාවලියේ අවසානය ද කෙමෙන් කෙමෙන් ළගා වෙමින් පවතිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉනිමක කඩුලු පහේ අවස්ථාවක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත් වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්.

ඒ අනුව ලොව පැවැත්වෙන ප්‍රධාන විස්සයි විස්ස ලීග් තරගාවලි 11ක පළමුවරට ඉනිමක කඩුලු පහේ අවස්ථාවක් සනිටුහන් කළ පන්දුයවන්නන් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට Hitwicket.lk අපි තීරණය කළා.

  • LPL – Mohammad Amir (PAK)
  • IPL – Sohail Tanvir (PAK)
  • CPL – Shakib Al Hasan (BAN)
  • BPL – Mohammad Sami (PAK)
  • Big Bash – Lasith Malinga (SL)
  • English T20 – Jimmy Ormond (ENG)
  • PSL – Ravi Bopara (ENG)
  • APL – Ben Cutting (AUS)
  • MSL – Nono Pongolo (SA)
  • NZ T20 – Ewen Thompson (NZ)
  • Global T20 – Ish Sodhi (NZ)
Leave a comment