Ultimate magazine theme for WordPress.

මහේලගේ හයේ පහර යළි මතකයට ගෙන ආ පැතුම්ගේ හයේ පහර

20යි 20 තරග 5 කින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග දෙකක් මේ වන විට නිමාවට පත්ව අවසන්.

එම තරග ද්විත්වය තුළම අවාසනාවන්ත පරාජයන් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුවත්, ප්‍රදර්ශනය කළ සටන්කාමීත්වය බොහෝ පාර්ශවයන්ගේ ප්‍රශංසාවට ලක්වුණා.

මෙම තරග දෙක පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් තමා සතු ඉහළ තාක්ෂණය මනාවට පෙන්නුම් කිරීමට නවක පිතිකරු පැතුම් නිස්සංක සමත්වුණා.

තවමත් 23 හැවිරිදි වියේ පසුවන ඔහු එල්ල කරන ඇතැම් දැවැන්ත පහරවල්වල තාක්ෂණය ක්‍රිකට් විචාරකයින්ගේ පවා මහත් පැසසුමට ලක්වීම විශේෂත්වයක්.

පැතුම් එල්ල කළ අලංකාර පහරවල් අතරින් පළමු තරගයේදී මිචෙල් ස්ටාර්ක් යොමු කළ පන්දුවකට පුල් පහරකින් එල්ල කළ දැවැන්ත හයේ පහර වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

එම හයේ පහර දකින විට 2012 වසරේ ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් ක්‍රීඩා පිටියේ පැවති එක්දින තරගයක දී සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී විසින් පැයට කිලෝ මීටර් 142.6 ක වේගයෙන් යොමු කළ පන්දුවකට සුපිරි පිතිකරු මහේල ජයවර්ධන එල්ල කළ දැවැන්ත හයේ පහර මතකයට නැගුන බව ප්‍රේක්ෂකයින් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කර තිබූ අයුරු දක්නට ලැබුණා.

එම පහරවල් දෙකේ දර්ශන පහතින් නරඹන්න –

Leave a comment