Ultimate magazine theme for WordPress.

ප්‍රබලයින් 5 ක් ඉවත්වීමෙන් පසු LPL තරගාවලියේ ඉතිරි වූ විදෙස් ක්‍රීඩකයන් 18 දෙනා

වසර 8 කට පසුව 20යි 20 ප්‍රමුඛ පෙළේ ලීග් අත්දැකීමක ආශ්වාදය ලාංකීය ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් තිලිණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට මහත් වෙහෙසක් දරමින් කටයුතු කරමින් සිටිනවා.

ලංකා ප්‍රිමියර් ලීගය නමින් පැවැත්වීමට නියමිත මෙම ක්‍රිකට් තරගාවලියට මේ වන විටත් දින නියමව ඇති අතර, තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් තෝරාගැනීමේ පළමු අදියර පසුගිය 19 වනදා අවසන් වුණේ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු නොවූ ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වය තහවුරු කරමින්.

නමුත් මෙම වසරේ අග භාගයේදී පැවැත්වීමට දින නියමු වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේම සහභාගීත්වය මේ වන විට ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙනවා.

ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මිලර් හා ඩේවිඩ් මලාන් යන ක්‍රීඩකයන්ට ලංකා ප්‍රිමියර් ලීගය අහිමි වී ඇත්තේ අදාළ ජාත්‍යන්තර තරගාවලිය හේතුවෙනුයි.

මීට අමතරව ආබාධයක් හේතුවෙන් කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් ද තරගාවලියෙන් ඉවත් වූ අතර, ඉන්දිය ක්‍රීඩක මන්වින්දර් බිස්ලා ද එල්.පී.එල් තරගාවලියෙන් ඉවත්වී ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන්ගේ ඉවත්වීමත් සමග ඇතිවන පුරප්පාඩු සහ තවමත් සම්පූර්ණ නොවුන කණ්ඩායම් සදහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ දෙවන අදියර එළඹෙන පළමුවනදා පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

විදෙස් ක්‍රීඩකයන් හය දෙනෙකු ඇතුලත්වන පරිදි ක්‍රීඩකයින් 20 දෙනෙකු එක් සංචිතයක් සදහා තෝරා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ වන විට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රිඩා කිරීමට නියමිත විදෙස් ක්‍රීඩකයන් ලැයිස්තුව මෙසේයි –

01. කලම්බු කිංග්ස් – රවීන්ද්‍රපාල් සිං, මන්ප්‍රීට් ගෝනි,

02. දඹුල්ල හෝක්ස්  – පෝල් ස්ට්‍රිලින්, සමිත් පටෙල්, කාර්ලස් බ්‍රැත්වෙයිට්

03. ගෝල් ග්ලැඩියේටර් – ශහිඩ් අෆ්රිඩි, කොලින් ඉන්ග්‍රෑම්, හස්රතුල්ලා සසායි, මොහොමඩ් අමීර්, සර්ෆ්‍රාස් අහ්මඩ්, අසාම් ඛාන්,

04. ජැෆ්නා ස්ටැලියන්ස් – ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි, අසිෆ් අලී,

05. කැන්ඩි ටස්කර්ස් – ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට්, වහබ් රියාස්, නවීනුල් හක්,

Leave a comment