Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවේ උපත ලබා වෙනත් රටක් නියෝජනය කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් 20 දෙනා

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන රටවල් අතරින් ප්‍රමුඛ පෙළේ පසුවන රටක් ලෙස දකුණු අප්‍රිකාව අවිවාදයෙන් සැලකිය හැකියි.

දේදුනු දේශය ලෙස ද හදුන්වනු ලබන දකුණු අප්‍රිකාව, ක්‍රිකට් ක්‍රීඩාව තුළින් බිහි කර ඇති විශිෂ්ඨ ක්‍රීඩකයින් සංඛ්‍යාව සුලුපටු නොවේ.

ඒ අතර ඒ.බී. ඩි විලියර්ස්, ජැක් කලිස්, ඩේල් ස්ටේන්, ඇලන් ඩොනල්ඩ්, ජොන්ටි රෝඩ්ස්, හෂීම් අම්ලා, කගීසෝ රබාඩා වැනි ක්‍රීඩකයන්ට සුවිශේෂී තැනක් හිමි වනවා.

කෙසේ නමුත් දකුණු අප්‍රිකාව තුළ උපත ලබන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ රට තුළම රඳවා තබා ගැනීමට දකුණු අප්‍රිකාව අපොහොසත් වී තිබීම ඉතාමත් වේදනාත්මකම කරුණක්.

දකුණු අප්‍රිකාවේ උපත ලබන සමහර ක්‍රිකට් ක්‍රීඩකයන් විවිධාකර හේතූන් නිසා සිය ක්‍රිකට් දිවිය නිමා කරනු ලබන්නේ වෙනත් රටක් නියෝජනය කරමින්.

දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත ක්‍රීඩකයින් ද වෙනත් රටවල් නියෝජනය කළ අවස්ථා ක්‍රිකට් ඉතිහාසයේ දී වාර්තා වී තිබෙනවා.

මේ අතරින් ක්‍රිකට් ක්‍රීඩකයන් 20 දෙනෙකු සහ ඔවුන් නියෝජනය කරන/කළ රටවල් පිළිබද තොරතුරු ඔබට ඉදිරිපත් කිරීමට අප තීරණය කළා.

01. Jason Roy ( ENG )
02. Tom Curran ( ENG )
03. Devon Convay ( NZ )
04. Sam Curran ( ENG )
05. Keaton Jennings ( ENG )
06. Marnus Labuschange ( AUS )
07. Glenn Phillips ( NZ )
08. Colin Munro ( NZ )
09. B.J. Watling ( NZ )
10. Michael Neser ( AUS )
11. Neil Wagner ( NZ )
12. Jonathan Trott ( ENG )
13. Kevin Pieterson ( ENG )
14. Andy Flower ( ZIM )
15. Grant Elliott ( NZ )
16. Sir Andrew Strauss ( ENG )
17. Craig Kieswetter ( ENG )
18. Tony Greig ( ENG )
19. Matt Prior ( ENG )
20. Basil D’ Oliveira ( ENG )

 

Leave a comment