Ultimate magazine theme for WordPress.

කණ්ඩායම් 5 න් 4 ක නිල තේමා පාඨ එළි දකියි

අභියෝග රැසක් මධ්‍යයේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තව දින හතරකින් හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ කිරීමට සියලුම කටයුතු මේ වනවිට සුදානම් වෙමින් පවතිනවා.

වසර අටකට පසුව විදෙස් ක්‍රීඩකයන් සහාභාගී කරගනිමින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පවත්වන මෙම ලීග් තරගාවලියට  සමාජජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාමත් සුබාවාදී ප්‍රතිචාරයක් දැකගන්නට පුලුවන්.

තරග වදින කණ්ඩායම්වල  නිල සමාජජාලා පිටු / ගිණුම් ද මේ වනවිට එළිදක්වා ඇති බවක් දක්නට ලැබෙනවා.

තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් රැසක නිල තේමා පාඨයන් ද මේ වන විට එළිදක්වා ඇති අතර, ඒ සම්බන්ධයෙන්  සොයා බැලීමට අප තීරණය කළා.

  • Jafna Stallions – Jaffna Stallions හෙවත් යාපනය නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායම #vaadaamachan (#varengmachan / #වරෙන්මචං) යනුවෙන් ඔවුන්ට ආවේනික තේමා පාඨයක් යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා.
  • Colombo Kings – Colombo Kings හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කොළඹ නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායම සිය තේමා පාඨය ලෙස යොදා ඇත්තේ #letsrule යනුවෙනුයි.
  • Dambulla Viiking – Dambulla Viiking හෙවත් ශ්‍රී ලංකාවේ ඉතාමත් ඓතිහාසික පසුබිමක් සහිත නගරයක් වන දඹුලු නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායම #SonsOfThor යන තේමා පාඨය යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා.
  • Galle Gladiators – ගාලු දිස්ත්‍රික්කයේ හදවත බඳු ගාලු කොටුව පදනම් කර ගනිමින් ජනප්‍රියත්වයට පත් ගාල්ල නගරය නියෝජනය කරන  Galle Gladiators කණ්ඩායම #HoldingTheFort යනුවෙන් ඔවුන්ට ආවේනික තේමා පාඨයක් යොදා ගෙන තිබෙනවා.
Leave a comment