Ultimate magazine theme for WordPress.

මෙවර IPL තරු රැසක් සමග ඕස්ට්‍රේලියාවට යන ඉන්දිය විස්සයි විස්ස සංචිතය

ලොව පුරා ක්‍රිකට් රසිකයන් වැඩි පිරිසක් උද්යෝගයෙන් නරඹන 20යි 20 ලීගයක් වන ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර අදියර කෙමෙන් කෙමෙන් අවසානය අභියසට ලං වෙමින් පවතිනවා.

නොවැම්බර් මස 10 වන දා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී අවසන් මහා තරගය පැවැත්වීමටයි දින නියම වී ඇත්තේ.

මෙම තරගාවලිය අවසන් වීමෙන් පසුව දීර්ඝ තරග සංචාරයක් සදහා ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

නොවැම්බර් මස 27 වනදා ආරම්භ වීමට දින නියම වී ඇති මෙම තරග සංචාරය එක්දින තරග 3 කින්, 20යි 20 තරග 3කින් සහ ටෙස්ට් තරග 4 කින් සමන්විත වනවා.

එම තරගාවලි සදහා වන ඉන්දීය සංචිත පහුගියදා ප්‍රකාශයට පත් කර තිබූ අතර බොහෝ දෙනෙකු දෑස් දල්වා සිටි ඉන්දිය විස්සයි විස්ස සංචිතයට ඉන්දිය ප්‍රිමියර් ලීගය තුළ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් රැසක් ඇතුලත් කර තිබෙනවා.

වරුන් චක්‍රවර්තී, සංජු සැම්සන්, සහ මයාන්ක් අගාර්වල් ද ඒ අතර වනවා.

මෙහිදී වඩාත් ආන්දෝලනයකට ලක්ව තිබූ කරුණක් වූයේ ඉන්දිය සුපිරි ආරම්භක පිතිකරු රෝහිට් ෂර්මා සහ මෑත කාලයේ කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කල රිෂාබ් පාන්ට් එම සංචිතයට ඇතුළත් කර නොතිබීමයි.

ALSO READ : රෝහිට් ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ඉවතට – ඉන්දීය සංචිත මෙන්න

ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් රෝහිට් ෂර්මාට මෙම සංචිතයේ ස්ථානය අහිමි වී ඇති බවයි එරට තේරීම් කමිටුව සදහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, ෂර්මාගේ ආබාධය එතරම් බරපතළ නොවන අතර ඔහු සිය පුහුණුවීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා තරග සංචාරය සදහා නම් කරන ලද 16 දෙනෙකුගෙන් යුත් විස්සයි විස්ස සංචිතය –

Virat Kohli (C), Shikhar, Mayank Agarwal, KL Rahul (vc & wk), Shreyas Iyer, Manish, Hardik Pandya, Sanju Samson (wk), Ravindra Jadeja, Washington Sundar, Yuzvendra Chahal, Jasprit Bumrah, Mohd. Shami, Navdeep Saini, Deepak Chahar, Varun Chakravarthy

මීට අමතරව මෙවර අයි.පී.එල්. තරගාවලිය පුරාවට දක්ෂතා දක්වමින් සිටින Kamlesh Nagarkoti, Kartik Tyagi, Ishan Porel සහ T. Natarajan යන නවක පන්දු යවන්නන් සිව් දෙනා ද අමතර ක්‍රීඩකයන් ලෙස තරග සංචාරයට නම් කර තිබෙනවා.

Leave a comment