Ultimate magazine theme for WordPress.

“ශ්‍රී ලංකාවෙන් ආ ඔහුට මුම්බායි හදවත්වල සුවිශේෂී ඉඩක් වෙන් වුණා” – සූර්යකුමාර් යාදෙව්

ලොව පුරා පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ලීග් තරගාවලි අතරින් පෙරමුණේ වැජඹෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කිසිදා අමතක කළ නොහැකි සේවයක් සැපයු ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන ලසිත් මාලිංග ෆ්රැන්චයිස් ක්‍රිකට් හෙවත් T20 /  T10 වැනි ලීග් තරග පිටියෙන් සමුගැනීමට ඊයේ (20) තීරණය කළා.

අයි.පී.එල්. තරග 122 කදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ මාලිංග කඩුලු 170 ක් බිඳ හෙලමින් සමස්ත තරගාවලි ඉතිහාසයේ ඉහළම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලන ලද පන්දු යවන්නා ලෙස ද ඉතිහාසගතව අවසන්.

ඔහුගේ මෙම සමුගැනීම සම්බන්ධව ලොව පුරා බොහෝ පාර්ශව විවිධ අදහස් දක්වන බවක් දක්නට ලැබෙන අතර, මුම්බායි කණ්ඩායමේ ප්‍රබල නියෝජනයක් වන මුල්පෙල පිතිකරු සූර්යකුමාර් යාදේව් ද සිය ට්විටර් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබෙනවා.

” මට හොඳින් මතකයි තරග සදහා සහභාගීවීමට වැන්කඩේ වෙත ළඟා වෙන සෑම දිනයකම මාර්ගය දිගේ නිල් පැහැති කොන්ඩා විලාසිතාවලින් සැරසුණු රසිකයන් රැසකගෙන් පිරී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පැමිණි ක්‍රීඩකයෙකු මුම්බායි හදවත්වල සුවිශේෂී ඉඩක් දිනා ගත්තා. ලසිත් මාලිංග ඔබ සරවම විශිෂ්ඨයි.. පුරාවෘත්තයක් සමුගත්තා..”

Leave a comment