Ultimate magazine theme for WordPress.

අවසන් වරට එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ විස්සයි විස්ස කණ්ඩායම මෙන්න

එක්දින තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය පසුගිය 28 වනදා නිමාව දුටුවේ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට 2 – 1 ක් ලෙස වාර්තා ගත ජයග්‍රහණයක පහස උරුම කරදෙමින්.

ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කුළුදුල් තරගාවලි ජයග්‍රහණයක පහස විඳගැනීමට බංග්ලාදේශ ප්‍රේක්ෂකයන් හට අවස්ථාව ලැබෙද්දි, තවත් තරගාවලි පරාජයක වේදනාව අත්විඳීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හට සිදුවුණා.

කැපීපෙන දස්කම් ප්‍රදර්ශනය කරමින් තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද, දුර්වල පිතිකරණ විලාශය හමුවේ මුල් තරග ද්විත්වය තුළ අත්විඳීමට සිදුවුයේ වේදනාත්මකම පරාජයක්.

පිතිකරණ අංශයට සාපේක්ෂව පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ අංශ තුළ පැහැදිලි දියුණුවක් දැකගැනීමට හැකි වූ නමුත්, මීළඟ තරගාවලි සදහා ශක්තිමත්ව මුහුණදීමට නම් පිතිකරණ අංශයේ ඇති වූ ගැටලු සහගත තත්ත්වයන්ට විසදුම් සෙවීමට බළධාරීන් වහා පියවර ගත යුතු බව නොරහසක්.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරග සංචාරය යෙදී ඇත්තේ ලෝක ශූර එංගලන්ත කණ්ඩායම සමගින්.

එම තරග සංචාරයට එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්.

20යි 20 ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ රැදී සිටින එංගලන්ත කණ්ඩායම නිසැකවම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වනු නොඅනුමානයි.

අවසන් වරට එංගලන්ත කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කර ඇත්තේ ප්‍රබල ඉන්දිය කණ්ඩායමට එරෙහිවයි.

ඉන්දියාවේ පැවති මෙම තරගාවලි දෙකම එංගලන්තය පරාජයට පත්වුවද ඉන්දියාවට දැඩි අභියෝගයක් එල්ල කිරීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණු බව ඔබට මතක ඇති.

ආබාධ තත්වයන්ගෙන් පසුවීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

මෙය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට නම් යම් අස්වැසිල්ලක් බවට පත්වුවත් එළඹෙන ශ්‍රී ලංකා තරගාවලි සදහා ප්‍රබල සංචිතයක් එංගලන්තය විසින් නම් කරනු ඇති බවනම් නොඅනුමානයි.

අවසන් වරට එංගලන්ත කණ්ඩායම සහභාගීවු විස්සයි විස්ස තරගයේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 11 දෙනා මෙසේයි –

01. Jason Roy
02. Jos Buttler (wk)
03. David Malan
04. Jonny Bairstow
05. Eoin Morgan (c)
06. Ben Stokes
07. Sam Curran
08. Chris Jordan
09. Jofra Acher
10. Adil Rashid
11. Mark Wood

Bench

12. Tom Curran
13. Moeen Ali
14. Sam Billings
15. Reece Topley
16. Liam Livingstone

Leave a comment