Ultimate magazine theme for WordPress.

අදට වසර 15 කට පෙර මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම

වසර 15 කට පෙර අද වැනි දිනයක එනම් 2006 වසරේ ජුනි මස 15 වනදා ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් ඉතිහාසයට සුවිශේෂී දිනයක්. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය මංගල විස්සයි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීම හේතුවෙන්. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වුණේ එංගලන්ත කණ්ඩායමයි.

සවුත්හැම්ටන් හී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. මංගල 20යි 20 තරගයේ දී ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසියේ සනත් ජයසූරිය සහ උපුල් තරංගයි.ඔවුන් දෙදෙනා ප්‍රථම කඩුල්ලට ලකුණු 75 ක සබදතාවක් ගොඩනැගීමට සමත්වුණා.

පන්දු 25 කට මුහුණ දී ලකුණු 34 ක් රැස්කර සිටි තරංග, පෝල් කොලින්වුඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.  අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම හේතුවෙන් නායක මහේල ජයවර්ධනට කිසිදු ලකුණක් රැස්කරගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

තෙවන කඩුල්ල ලෙස මුළු ලකුණු පුවරුව 84ක්ව ( 9.5 ) තිබියදී පන්දු 30 ක් තුළ ලකුණු 41 ක් ලබා, යම් ප්‍රවේගවත් ඉනිමක් දියත් කරමින් සිටි සනත් ජයසූරියගේ කඩුල්ල ද දවා ගැනීමට පෝල් කොලින්වුඩ් සමත්වුණා.

තිලකරත්න ඩිල්ෂාන්ට ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 2 ක් පමණයි. යළි ක්‍රියාත්මක වූ කොලින්වුඩ්, කුමාර් සංගක්කාරව ලකුණු 21(14)කට දවා ගැනීමට සමත්වුණා. චාමර කපුගෙදර ලකුණු 22(16) යි. ලසිත් මාලිංග ලකුණු 13 ක් ලබාගත්තා.

ඒ අනුව පන්දුවාර 20 ක් තුළ සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163 ක් රැස්කරගැනීමට සමත්වුණා.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ පෝල් කොලින්වුඩ් ලකුණු 22කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත්වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට එංගලන්තයට කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි. මාර්කස් ට්‍රෙස්කොතික් ලකුණු 72ක් සහ ඇන්ඩෘ ස්ට්‍රාව්ස් ලකුණු 33ක් රැස් කළා. කෙවින් පීටර්සන් ලකුණු 17යි.

පන්දු යැවීමේ දී සනත් ජයසූරිය ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා. තරගයේ වීරයා ලෙසද සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහුයි.

ඒ අනුව එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු දෙකක තියුණු ජයක් හිමි වුණා.

මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ එංගලන්ත කණ්ඩායම පහතින් –

Sri Lanka Team

01. Sanath Jayasuriya, 02. Upul Tharanga, 03. Mahela Jayawardena (c), 04. Thilakarathne Dilshan, 05. Kumar Sangakkara (wk), 06. Russell Arnold, 07. Chamara Kapugedara, 08. Farvees Maharoof, 09. Lasith Malinga, 10. Dilhara Fernando, 11. Ruchira Perera

England team

01. Marcus Trescothick, 02. Andrew Strauss (c), 03. Kevin Pieterson, 04. Paull Collingwood, 05. Jamie Dairymple, 06. Geraint Jones ( wk ), 07. Tim Bresnan, 08. Ed Joyce, 09. Liam Plunkett, 10. Sajid Mahmood, 11. Steve Harmison

Leave a comment