Ultimate magazine theme for WordPress.

රංගන හේරත්ට නවසීලන්තයේ දී කොරෝනා ආසාදනය වෙයි

බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු රංගන හේරත්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයක නිරතව සිටින අතර, එරටදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ඔහුගේ නිරෝධායන කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශ කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට ද අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ සංචිතයේ සාමාජිකයින් ගමන් ගත් ගුවන් යානයේ කොවිඩ් 19 ආසාදිතයෙකු සිට ඇති අතර, ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගත් ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකුට, වැඩි කාලසීමාවක් නිරෝධායනයේ නිරත වීමට ද මේ වන විට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

නවසීලන්තය හා බංග්ලදේශය අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.