ස්විඩන් විවෘත ටෙනිස් තරගාවලියේ (Nordea Open) ශූරතාවය දිනා ගැනීමට පෘතුගාලයේ Nuno Borges ඉරිදා(21) සමත් වුණා.
ඒ, අවසන් තරගයෙන් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් පරදා තරග වට 2-0 ක ජයක් වාර්තා කරමින්. ලකුණු සටහන දැක් වුණේ 6-3, 6-2 ලෙසයි.
2022 වසරේ පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් පසුව පළමු වරටයි රෆායල් නඩාල් අවසන් මහා තරගයක් සදහා මෙලෙස ක්‍රීඩා කළේ.