සිම්බාබ්වේ කණ්ඩායම අප්‍රේල් මාසයේදී බංග්ලාදේශ තරග සංචාරයක නිරත වීමට නියමිත බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.
මෙම සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
අප්‍රේල් 15 වැනිදා සිම්බාබ්වේ පිල එරටට පැමිණීමට නියමිත අතර, මෙලෙස ඔවුන් බංග්ලාදේශයේ ටෙස්ට් තරග සංචාරයක නිරත වන්නේ වසර පහකට පසුවයි.
පළමු ටෙස්ට් තරගය සිල්හෙට්හීදී අප්‍රේල් 20 වැනිදා ද, දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් 28 වැනිදා Chattogram හීදී ද ආරම්භ වීමට නියමිතයි.