ස්විඩන් විවෘත ටෙනිස් තරගාවලියේ (Nordea Open) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණා.
ඒ, අවසන් පූර්ව වටයේ දී ක්‍රොඒෂියාවේ Duje Ajdukovic තරග වට 2-1 ක් ලෙස පරාජයට පත් කරමින්. ලකුණු සටහන දැක් වුණේ 4-6, 6-3, 6-4 ක් ලෙසයි.
2022 වසරේ පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් පසුව නඩාල් අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
ඉරිදා (21) පැවැත්වෙන අවසන් තරගයේ දී ඔහු පෘතුගාලයේ Nuno Borges ට එරෙහිව තරග වැදීමට නියමිතයි.