ස්විඩන් විවෘත ටෙනිස් තරගාවලියේ (Nordea Open) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණා.
ඒ, ආර්ජන්ටිනාවේ Mariano Navone තරග වට 2-1 ක් ලෙස පරාජයට පත් කරමින්. ලකුණු සටහන දැක් වුණේ 6-7 (2), 7-5, 7-5 ක් ලෙසයි.
රෆායල් නඩාල් මෙලෙස ටෙනිස් තරගාවලියක අවසන් පූර්ව වටයක් සදහා සුදුසුකම් ලබා ගත්තේ වසර දෙකකට පමණ පසුව වීම ද විශේෂත්වයක්.
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමෙන් පසුව 38 හැවිරිදි ඔහු ක්‍රීඩා කරන පළමු තරගාවලිය මෙයයි.
2022 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියෙන් පසුව පළමු වරට අවසන් පූර්ව තරගයක් ක්‍රීඩා කරන නඩාල් ක්‍රොඒෂියාවේ Duje Ajdukovic සමගින් අද(20) තරග වැදීමට නියමිතයි.