Watch : 2021 වසරෙන් පසු ජාත්‍යන්තර පිටියට පිවිසි අකිල දෙවැනි පන්දුවාරයෙන්ම දවා ගත් කඩුල්ල

වසර කිහිපයකට පසුව ජාත්‍යන්තර පිටියට පිවිසි පළමු තරගයේ දී තමන් යොමු කළ දෙවැනි පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද(14) සමත් වුණා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග අද දහවල් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථානය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස රහ්මනුල්ලාහ් ගුර්බාස් දවා ගැනීමට අකිල ධනංජය සමත් වුණා. පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 48 ක්.

අනතුරුව ඔහු යොමු කළ තෙවැනි පන්දුවාරයේ දී ද නායක හෂ්මතුල්ලාහ් ශහීඩි දවා ගැනීමට අකිල සමත් වීම කැපී පෙනුණා.

අකිල ධනංජය එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්නේ 2021 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුවයි.

ගුර්බාස් දැවී අයුරු පහතින් නරඹන්න –

Comments (0)
Add Comment