ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඔස්ට්‍රේලියානු ඉනිමේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුණා.
ඒ, නායක ආරෝන් ෆින්ච්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි.
ජෙෆ්රි වැන්ඩර්සේ යොමු කළ පන්දුවක් හමුවේයි ෆින්ච් මෙම තරගයේ දී දැවී ගියේ.
ඒ වන විට ආරෝන් ෆින්ච් පන්දු 85කින් ලකුණු 62ක් ලබා සිටියා.