Watch : හින්දි ගීතය ගයමින් පන්දුවට පහර දීමේ අභියෝගය භානුක ජය ගනියි

පංජාබ් කිංග්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මේ වන විට එතරම් සුබදායී ස්ථානයක රැදී සිටින්නේ නැහැ.

තරග 11කින් තරග 5ක් ජය ගත් පංජාබ් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.

පංජාබ් කණ්ඩායම හැරුණු විට සන්රයිසස් හයිදරාබාද් හා කොල්කට් නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් ද ප්‍රසාද ලකුණු 10 බැගින් ලබා ගෙන ඇති නමුත්, දල ලකුණු ලබා ගැනීමේ වේගය පහළ මට්ටමක පැවතීම හේතුවෙන් පංජාබ් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානය වෙන්ව තිබෙනවා.

මෙවර තරග වාරයේ දී පංජාබ් කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයෙන් ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ හැදින්විය හැකියි.

තරග 7කදී ලකුණු 201ක් රැස් කර ඇති භානුක මෙවර තරගාවලියේ දී පංජාබ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවනවා.

මේ අතර, පංජාබ් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විනෝදාත්මක ක්‍රීඩාවක නිරත වන අයුරු ඇතුළත් වීඩියෝවක් එම කණ්ඩායමේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මේ වන විට පල කර තිබෙනවා.

‘Coolie No.1’ නම් බොලිවුඩ් සිනමාපටයේ “Main to raste se ja raha tha” නම් ගීතය ගායනා කරමින් පිත්තේ එක් පැත්තකින් පන්දුව බිම නොවැටෙන පරිදි දිගින් දිගටම පන්දුවට පහර දීමයි මෙහිදී ක්‍රීඩකයින්ට ලැබී තිබූ අභියෝගය වූයේ.

රාහුල් චහාර් හා Vaibhav Arora ද මෙම අභියෝගයට මුහුණ දුන් නමුත්, ඉන් ජය ගැනීමට සමත් වුණේ භානුක රාජපක්ෂයි.

Arora 26 වතාවක් ද, චහාර් 37 වතාවක් ද පන්දුවට පහර දුන් අතර, Ishan Porel සාර්ථකව පහර දුන්නේ අවස්ථා 12කදී පමණයි.

භානුක රාජපක්ෂ පන්දුවට සියවතාවක් එලෙස පිත්තේ එක් පැත්තකින් අඛණ්ඩව පහර දීමට සමත් වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Comments (0)
Add Comment